ස්වදේශික ජනමත විචාරණය ලබන දෙසැම්බරයට පෙර

ස්වදේශික ජනතාවට ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමට අදාළ ජනමත විචාරණය ලබන දෙසැම්බර් මාසයට පෙර පවත්වන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සහතික වනවා.

එය ලේබර් පක්ෂ රජය යටතේ ආදිවාසී ජනතාවට ලබාදිය හැකි ඉහළම ගෞරවයක් වනු ඇති බවයි අගමැතිවරයා සඳහන් කර සිටින්නේ.

ඔහු මේ බව සඳහන් කලේ ක්වීන්ස්ලන්ඩ් හි පැවති ජන හමුවකට සහභාගී වෙමිනුයි.

කෙසේවෙතත් මේ වනවිටත් නැෂනල්ස් පක්ෂය අවධාරණය කර ඇත්තේ ස්වදේශික ජනතාවට ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමේ සැළසුමට විරෝධය පළ කරන බවයි.

එමගින් ස්වදේශික ජනතාවට නිසි අයිතිවාසිකමක් නොලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »