ඩාර්වින් හැර සෙසු සෑම අග නගරයකම කාන්තා බලය ඉහළට

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අගනගරවල ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස් කාණ්ඩ සම්බන්ධ නවතම තොරතුරු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අනුව පිරිමි ප්‍රතිශතය වැඩි අගයක් ගන්නේ Northern Territory හි අගනුවර වන ඩාර්වින් නගරයේ පමණක් වන අතර අනෙක් සෑම ප්‍රාන්තයකම අගනුවර වාසය කරන කාන්තා ප්‍රතිශතය ඉහළ අගයක් ගනු ලබනවා.

සමස්ත ඔස්ට්‍රේලියාවම සැළකීමේදී කාන්තාවන් 100 කට සිටින පිරිමින්ගේ ප්‍රතිශතය සටහන් වන්නේ 98.2 ක් ලෙසයි.

වයස් සීමා සැළකීමේදී අඩුම මධ්‍යයන වයස සහිත නගරය බවටද ඩාර්වින් නගරය පත්ව සිටින්නේ අවුරුදු 34.5 ක් ලෙස වාර්තා කරමින්.

වැඩිම මධ්‍යයන වයස සහිත නගරය බවට දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පත්ව තිබෙනවා.

වයස අවුරුදු 20 ත් 44 ත් අතර වයස් කාණ්ඩයේ ඔස්ටේ‍රලියානුවන්ගෙන් සියයට 37 ක්ම ප්‍රාන්ත අගනුවර වාසය කරන්නන් වන අතර වයස අවුරුදු 55 ට වැඩි වයස් කාණ්ඩයේ එය සියයට 26 ක් වනවා.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »