ව්‍යාජ අධ්‍යාපන වෙබ් අඩවි 40 කට පිවිසීම ෆෙඩරල් රජය විසින් අවහිර කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් පැවසුවේ මින් ඇතැම් වෙබ් අඩවි සඳහා මාසයකට 450,000 ක පමණ පිවිසුම් වාර සටහන්ව තිබූ බවයි.
සිසුන් අපරාධ සඳහා යොමු කරවීම – කප්පම් ගැනීම වැනි දෑ සඳහා සිසුන් පෙළඹවීමද මෙම වෙබ් අඩවි සඳහා පැවති චෝදනා අතරට අයත්.
2020 වසරේදි ඔස්ට්‍රේලියාව තුළ සම්මත කල නිතියක් අනුව වාණිජ කරුණු පදනම්ව වංචනික ක්‍රියා සිදුකිරීම අපරාධමය චෝදනා ගොණු කල හැකි වරදක්ද වනවා.
ඉදිරයේදී මෙවැනිම තවත් වෙබ් අඩවි හඳුනාගැනීමට පියවර ගන්නා බවටයි රජය දන්වා සිටින්නේ.