
දුම්කොළ බදු ඉහළ නැංවීම හරහා කලු කඩ ජාවාරම් ඉහළ යා හැකි බවට අනතුරු ඇගවෙනවා.
දුම්වැටි මෙන්ම ඉලෙක්ට්‍රොනික දුම්වැටි මිළ ගණන් ඉහළයාමෙන් මිළ අඩු නිෂ්පාදන වෙත පෙළඹීම ඊට හේතුවයි.
2013 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ දුම්වැටි මිළ ගණන් සියයට 12.5 කින් ඉහළ දැමුණු අතර අනතුරුව සෑම වසරකදීම බදු අගයන් ඉහළ දැමුණා.

ලබන මාසයට යෙදී ඇති ෆෙඩරල් අයවැය ලේඛනයේදී දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන බදු කැපී පෙනෙන අගයකින් ඉහළ දැමෙනු ඇති බවට වාර්තා පළවනවා.
ඔස්ට්‍රේලියානුවන් අතර දුම්වැටි සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය කැපී පෙනෙන ලෙස ඉහළයාම හමුවේ එම භාවිතය පාලනය කිරීමේ අරමුණ ඇතිවයි එම පියවර ගෙන ඇත්තේ.

මේ අනුව දුම්වැටි ඇතුලු සියලුම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මිළ ගණන් ඉහළ අගයකින් වැඩිවනු ඇති.
කෙසේවෙතත් කුමන ප්‍රතිශතයකින් දුම්කොළ බදු වැඩි කරන්නේද යන්න ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් විසින් මේ දක්වා ප්‍රකාශයට පත්කර නැහැ.
බලපත්‍ර රහිත දුම්කොළ නිෂ්පාදන හමුවේ ෆෙඩරල් රජයට වාර්ෂිකව අහිමිවන බදු ආදායම ඩොලර් බිලියන 1.8 කට ආසන්න බවයි පැවසෙන්නේ.