
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය නැවතත් පසුබෑමක් වාර්තා කර තිබෙනවා.
කොවිඩ් සමයේදී වසා දමා තිබූ දේශ සීමා යළි විවෘත කිරීමත් සමග වැඩිම පිරිසක් සංක්‍රමණය වී තිබුණේද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයටයි.
කෙසේවෙතත් පසුගිය පාස්කු නිවාඩුවේදී බ්‍රිස්බන් ඇතුලු ක්වීන්ස්ලන්ඩ් නගරවල හෝටල් වෙත පැමිණ ඇත්තේ අපේක්ෂා කල මට්ටමට වඩා අඩු දේශීය සංචාරකයන් පිරිසක් බව සඳහන්.

ඒ අනුව හෝටල් කාමර සැළකිය යුතු සංඛ්‍යාවක් හිස්ව පැවතී තිබී ඇති අතර ජීවන වියදම ඉහළයාමයි මීට මූලික හේතුව ලෙසට හඳුනාගෙන ඇත්තේ.
අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවීම හමුවේ ක්වීන්ස්ලන්ඩ් සංචාරක කර්මාන්තය තරමක පසුබෑමක් පෙන්නුම් කර ඇති බවයි අනාවරණය වන්නේ.
