
නිවු සවුත් වේල්ස් childcare මධ්‍යස්ථාන ආශ්‍රිතව ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් පැතිරයමින් පවතින බවට දෙමව්පියන්ට අනතුරු ඇගවෙනවා.
ඉන්ෆ්ලුවන්සා A ඝණයට අයත් මෙම වෛරසය කුඩා ළමුන් සහ ළදරුවන්ට ආසාධනය වීම ඉහළ මට්ටමක පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.
ඉන්ෆ්ලුවන්සා සමය ආරම්භ වී ඉතා කෙටි කලක් ගතවී ඇතත් මේ වනවිටත් ආසාධිතයන් 8,704 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය වසරේදී අදාළ කාලයේදී වාර්තා වී තිබුණේ රෝගීන් 5,500 කට ආසන්න පිරිසක් පමණයි.
මෙම ආසාධිතයන් 8,704 දෙනා අතුරින් 1,220 දෙනෙකු පමණ උපතේ සිට වයස අවුරුදු 04 දක්වා පිරිස වන අතර 1,839 දෙනෙකු වයස අවුරුදු 05 ත් 09 ත් අතර වනවා.

නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට දන්වා සිටින්නේ හැකිතාක් ඉක්මණින් දරුවන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදෙන ලෙසයි.
මාස 06 සිට අවුරුදු 05 දක්වා පිරිසෙන් සියයට 02 ක් පමණක් සහ අවුරුදු 05 සිට 15 දක්වා පිරිසෙන් සියයට 1.4 ක් පමණක් මෙතෙක් එම එන්නත ගෙන තිබීම ඊට හේතුවයි.