
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග, ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.
ත්‍රස්ත මර්දන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු වාර්තා කරමින් ඊයේ මේ බව සදහන් කලා.
ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයා මාලදිවයින් ජාතිකයකු බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ ඔහුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සම්බන්ධයෙන් මෙලෙස කරුණු අනාවරණය වූ බවයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම සැකකරු ලබන 25 වැනිදා සිට දින 03 ක් සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට මුදා හරින ලෙසටයි අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ.
