
විද්‍යුත් වාහන මිළදී ගැනීම් සඳහා ලබාදෙන සහන තවත් පුලුල් කිරීමට ක්වීන්ස්ලන්ඩ් රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව තෝරාගත් ඇතැම් මාදිලිවල වාහන මිළදී ගැනීමේදී ඩොලර් 6,000 ක් දක්වා වන ආපසු ගෙවීමක් සිදුකිරීමට නියමිතයි.
වාහන 12 ක් දක්වා මෙම සහනය හිමිවන අතර වසරකට ඩොලර් 180,000 කට වඩා අඩුවෙන් ආදායම් උපයන පවුල් සඳහා මෙම සහනය හිමිවනවා.

පසුගිය වසරේ ජූලි මාසය දක්වා මිළයට ගත් වාහන සඳහා ඩොලර් 3,000 ක ආපසු ගෙවීමක් සිදුකල අතර තවත් ඩොලර් 3,000 ක් ආපසු ලබාගැනීමටද ඔවුන්ට අවස්ථාව උදාවනු ඇති.
මෙතෙක් අදාළ වාහනයක වටිනාකම ඩොලර් 58,000 ක උපරිමයකට යටත් කර තිබුණද නව සංශෝධන යටතේ එය ඩොලර් 68,000 ක් දක්වා ඉහළ නංවා තිබීමද විශේෂත්වයක්.

Eligible vehicles currently include:
- Hyundai Kona
- Mazda MX-30
- Polestar 2
- Nissan Leaf
- Tesla Model 3
- Mini Cooper SE
- MG Ora
- Hyundai Ioniq
- Kia E-Niro
- Renault Kangoo (commercial vehicle)
- BYD Atto 3
- MG ZS EV