ඉදිරියේදී තවත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර බංකොළොත්වනු ඇති බවට රතු එළියක්

ඉදිරියේදී තවත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර ගණනාවක් බංකොළොත්භාවයට පත්වීම් හෝ කඩාවැටීම් සිදුවිය හැකි බවට NAB බැංකුව අනතුරු අගවනවා.

ඉදි කිරීම් කර්මාන්තයේ එම බලපෑම සියයට 28 ක් වන අතර – ආහාර සේවා සහ නවාතැන් අංශයේ සියයට 14 ක් සහ සිල්ලර වෙළඳ අංශයේ සියයට 07 ක් ලෙසයි පවතින්නේ.

උද්ධමනය සහ අනෙකුත් ආර්ථික අර්බුදයන් මීට ප්‍රධාන හේතු ලෙසයි මෙම වාර්තාවේ දක්වා ඇත්තේ.

පෝටර් ඩේවිස් වැනි ශක්තිමත්ව පැවති ඉදිකිරීම් සමාගම් බිඳවැටීම හරහා අනෙකුත් සුලු පරිමාණ සමාගම් කඩාවැටීමේ පෙර ළකුණුද පළවී ඇති බවයි එහි සඳහන් වන්නේ.

සමාගම් බංකොළාත්වීම හරහා දැනට සියයට 3.5 ක් ලෙස පවතින ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 2025 වසරේ ජූනි මාසය වනවිට සියයට 4.5 දක්වා ඉහළ යාමේ අවධානමක්ද පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »