ස්වදේශික යෝජනාව ගැන අගමැතිට විශාල ජයක්

ලේබර් පක්ෂ රජය විසින් යෝජනා කර ඇති ස්වදේශික ජනතා නියෝජන යෝජනාව මගින් සියලු ජන කොට්ඨාශවලට සාධාරණයක් ඉටුවන බවට සොලිසිටර් ජනරාල්වරයා විසින් නිර්දේශ කර තිබෙනවා.

ෆෙඩරල් රජය නියෝජනය කරන ඉහළම නීතීඥවරයා වන ඔහු විසින් ලබාදුන් මෙම සහතිකය අගමැති ඇන්තනී ඇල්බනීස්ට ලැබූණු ඉහළම පිටුබලයක් ලෙසයි සැළකෙන්නේ.

සිඩ්නි නුවරදී මාධ්‍ය අමතමින් අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ සොලිසිටර් ජනරාල්වරයා ලබාදුන් මෙම නිර්දේශය පිළිබඳ ලේබර් රජය අතිශය සතුටට පත්වන බවයි.

මීට පෙර කිසිදු රජයකට මෙවැනි ඇගයීමක් ලැබී නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

ස්වදේශික ජනතා නියෝජනයක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා වන ජනමත විචාරණය මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිතයි.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »