
2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනක් සහ කොළඹ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලවී අදට වසර 04 ක් සම්පූර්ණ වනවා.
එදිනම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සහ දෙහිවල පිහිටි ලැගුම්හලකද අන්තවාදීන් විසින් පිපිරීම් සිදුකල අතර විදේශිකයන් 45 ක් / පොලිස් නිළධාරීන් 3 ක් සහ බෝම්බකරුවන් 8 දෙනාද ඇතුළුව 277 දෙනෙකු සමස්ත ප්‍රහාර මාලාවේදී මරණයට පත් වූණා.
500 කට අධික පිරිසක් තුවාල ලැබූ අතර තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් බවටද පත්ව සිටිනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ 04 වන අනුස්මරණය වෙනුවෙක් අද ශ්‍රී ලංකාවේදී සමරු වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර ඊට සමගාමීව ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකද විවිධ සැමරුම් සංවිධාන කර තිබෙනවා.
වික්ටෝරියා ග්ලේන් වේවර්ලි හි ස්ප්‍රින්ග්වේල් මාර්ගයේ පිහිටා ඇති ශාන්ත ලෙනාර්ඩ් දේවස්ථානයේදී දිව්‍ය පූජා යාගයක් ආරම්භ වන්නේ පස්වරු 07 ටයි.

(St Leonard’s Church, 349 Springvale Road, Glen Waverley, VIC)