ක්වීන්ස්ලන්ඩ් හිදී හිතුමනාපයට Surgeon යෙදීම තහනම් කෙරේ

Surgeon හෙවත් ශල්‍ය වෛද්‍ය යන තනතුර භාවිත කිරීම සම්බන්ධයෙන් රෙගුලාසි පණවන ලද පළමු ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.

ඒ අනුව සෑම වෛද්‍යවරයෙකුටම තමන්ට රිසි පරිදි මින් ඉදිරියට එම නාමය භාවිත කල නොහැකි අතර නියමිත පුහුණුව ලත් වෛද්‍යවරුන්ට පමණක් එය යොදාගත හැකියි.

ඉදිරියේදී අනෙකුත් ප්‍රාන්ත විසින්ද මෙම පියවර අනුගමනය කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

විශේෂයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත ඇතැමුන්ද Surgeon යන නාමය යොදාගැනීමත් සමග වෛද්‍ය වෘත්තිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවට කලක සිට චෝදනා පැවතුණා.

ඒ අනුවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුවකද අදහස් සැළකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත්තේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »