Search

ඇලිස් ස්ප්‍රිංග්ස් ඇල්කොහොල් තහනම තවත් මාස 03 කට දීර්ඝයි

ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයට පණවා ඇති ඇල්කොහොල් තහනම තවත් මාස 03 කට දීර්ඝ කර තිබෙනවා.

නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළයාමත් සමග පසුගිය ජනවාරි මාසයේයි පළමු වරට මෙම තහණම පණවනු ලැබුවේ.

එහි සාර්ථකත්වය මත තවත් මාස 03 කට මෙම වාරණය දීර්ඝ කරන බවයි Northern Territory ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් සඳහන් කලේ.

පසුගිය සතියේ නිකුත් වූ වාර්තාවක දැක්වුණේ මත්පැන් පානය සම්බන්ධ ගැටුම් මත ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයේ රෝහල් වෙත ඇතුළත් කරන පුද්ගලයන් සංඛ්‍යාවද ඇල්කොහොල් සීමා හමුවේ අඩකින් පමණ අඩුවී ඇති බවයි.

ඒ අනුව සඳුදා සහ අගහරුවාදා දිනවල කිසිදු ආකාරයකින් මත්පැන් අලෙවි කල නොහැකි අතර අනෙකුත් දිනවල අලෙවිය පස්වරු 03 සිට රාත්‍රී 07 දක්වා පමණක් සීමා වනු ඇති.

එමෙන්ම එක් පුද්ගලයෙකුට දිනයක් තුළදී මත්පැන් මිළයට ගත හැකි වන්නේද එක් අවස්ථාවකදී පමණයි.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »