වැඩ කරන දින 04 ක සතියට ඔස්ට්‍රේලියානු සේවා යෝජකයන්ගෙන් 71% ක සහය

වැඩ කරන දින 04 ක සතිය සඳහා ඔස්ට්‍රේලියානු සේවා යෝජකයන්ගෙන් සියයට 71 ක් සහය දක්වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඉදිරි වසර 05 තුළදී තමන් මෙම වැඩපිළිවෙලට අනුගත වන බවයි ඔවුන්ගෙන් සියයට 34 ක් පවසා තිබුණේ.

එමෙන්ම අනාගතයේ කෙදිනක හෝ තමන් එය ක්‍රියාත්මක කරන බව සියයට 37 ක් ප්‍රකාශ කර තිබෙනවා.

සේවක ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිවයි කිසිදු වැටුප් කප්පාදුවකින් තොරව මෙම වැඩ කරන දින 04 ක සතිය වැඩපිළිවෙල යෝජනා වූයේ.

සමීක්ෂණයට එක්වූවන්ගෙන් සියයට 28 ක් ඊට විරුද්ධත්වය පළකර ඇත්තේ එය සාර්ථක නොවන බව දක්වමින්.

නවසීලන්තය – මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලු රටවල් කිහිපයක් විසින්ද දැනටමත් වැඩ දින 04 ක සතිය අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »