වංචාවලින් ගණුදෙනුකරුවන් ගලවා නොගන්නා බවට ප්‍රධාන බැංකු 04 ටම චෝදනා

විවිධ වංචාවලින් සිය ගණුදෙනුකරුවන් ගලවා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 ම අනුගමනය කරන පියවර ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ල වනවා.

ආයෝජන සහ විනිමය සුරැකුම් කොමිසම විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් නිර්දේශ කරන්නේ සයිබර් ප්‍රහාර හෝ පුද්ගලික දත්ත පැහැරගැනීම්වලදී ගණුදෙනුකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ආයතන වඩා වැඩි අවධානයක් යොමුකල යුතු බවයි.

පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් ගණුදෙනුකරුවන් 31,700 ක් පමණ විවිධ වංචාවලට ගොදුරුවී ඇති අතර ඔවුන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 550 කට අධිකයි.

වංචාකරුවන් විසින් අයථා අන්දමින් ලබාගැනීමට තැත්කරන මුදල්වලින් ප්‍රධාන බැංකු විසින් වළක්වාලීමට සමත්වි ඇත්තේ සියයට 13 ක් වැනි ඉතා සුලු ප්‍රතිශතයක් පමණක් බවද මෙම වාර්තාව පෙන්වා දෙනවා.

එමෙන්ම වංචාකල මුදල් අතුරින් ගණුදෙනුකරුවන්ට නැවතත් ලබාදීමට මූල්‍ය ආයතන විසින් සමත්වී ඇත්තේ සියයට 02 ත් 05 ත් අතර මුදලක් පමණක් බවද සඳහන්.

පසුගිය මූල්‍ය වර්ෂයේදී වංචාවන්ට හසුවූ ඔස්ට්‍රේලියානුවෙකු විසින් අහිමි කරගෙන ඇති මුදලෙහි සාමාන්‍යය ඩොලර් 22,000 ක් පමණ වනවා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »