දශක කිහිපයකට පසු සංචිත බැංකුවට වෙනස්කම් රැසක්

ෆෙඩරල් සංචිත බැංකුව සඳහා හඳුන්වාදීමට නියමිත නව සංශෝධන මාලාව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

විද්වත් කමිටුවක් විසින් සිදුකල මෙම සමාලෝචනයේ වාර්තාව නිර්දේශ 51 කින් සමන්විතයි.

පොළී අනුපාත තීරණය කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකු විධායක මණ්ඩලය රැස්වන වාර ගණන අඩු කිරීම / එවැනි තීරණ ගැනීම විද්වතුන්ගෙන් සමන්විත නව මණ්ඩලයකින් සිදුකිරීම ප්‍රධාන යෝජනා 02 ක්.

ඒ අනුව වසරකට අවස්ථා 11 කදී නොව අවස්ථා 08 කදී පමණක් රැස්විය යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ.

දශක කිහිපයකට පසු ෆෙඩරල් සංචිත බැංකුව සදඳහා හඳුන්වාදෙන දැවැන්තම සංශෝධන මාලාව මෙය වීම විශේෂත්වයක්.

මෙම නිර්දේශ 51 සඳහාම ෆෙඩරල් රජය විසින් මුලිකව එකගවන බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »