පෝටර් ඩේවිස් නිවාස හිමියන්ට වික්ටෝරියා රජයෙන් මුදල්

නිවාස ඉදි කර ගැනීම සඳහා පෝටර් ඩේවිස් සමාගමට මුදල් ගෙවන ලද පවුල් වෙත ආපසු මුදල් ගෙවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ මුදල් ආපසු ගෙවන බවට පෝටර් ඩේවිස් සමාගමෙන් රක්ෂණාවරණයක් නොලද පවුල් 560 කට පළමුවෙන් මෙම මුදල් ගෙවීමට නියමිත බවයි.

මේ අනුව ඔවුන් විසින් තැන්පත් කරන ලද මුදලින් සියයට 05 ක මුදලක් ආපසු ගෙවීමටයි වික්ටෝරියා ප්‍රාන්ත රජය සැළසුම් කර ඇත්තේ.

ප්‍රාන්ත රජයට මේ සඳහා දැරීමට සිදුවන මුදල ඩොලර් මිලියන 15 කට ආසන්නයි.

බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කරන විට පෝටර් ඩේවිස් සමාගම විසින් ඉදිකරමින් පැවති නිවාස සංඛ්‍යාව 1,700 කට ආසන්න වු අතර ඉන් 1,500 ක් පමණ වික්ටෝරියා ප්‍රාන්තයේයි.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »