ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට අද සූර්ය ග්‍රහණයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට අද දිනයේදී සූර්ය ග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව පවතිනවා.

එය හොඳින්ම දර්ශනය වනු ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවට සහ Northern Territory හි නගර කිහිපයකටයි.

1974 වසරෙන් පසු බටහිර ඔස්ට්‍රේලියාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් දිස්වන අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් පෙරවරු 11.27 ට මෙම සූර්ය ග්‍රහණයේ වඩාත් උච්චතම අවස්ථාව උදා වනු ඇති අතර වික්ටෝරියා ඇතුලු අනෙක් ප්‍රාන්තවලට පස්වරු 01.27 ට එය දැකගත හැකියි.

කෙසේවෙතත් නැගෙනහිර ප්‍රාන්තවලට මෙම සූර්ය ග්‍රහණය අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසින් දිස්වනු ඇති.

නැවත වරක් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්තවලට පැහැදිලි සූර්ය ග්‍රහණයක් දැකගත හැකි වනු ඇත්තේ 2028 වසරේදීයි.

 

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »