ලොව ධනවතුන් වැඩිම නගර අතරට මෙල්බන් සහ සිඩ්නි නගරත්

ලොව වැඩිම මිලියනපතියන් සිටින නගර 20 අතරට මෙල්බන් සහ සිඩ්නි නගර 02 ද ඇතුළත්ව තිබෙනවා.

මිලියනපතියන් 126,900 දෙනෙකු සමග සිඩ්නි නගරය මෙම ශ්‍රේණිගත කිරීමෙහි පසුවන්නේ 10 වන ස්ථානයේයි.

මෙල්බන් නගරය 17 වන ස්ථානයට පැමිණ ඇත්තේ මිලියනපතියන් 96,000 ක් සමගිනුයි.

මෙවර ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයට අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය පැමිණ තිබෙන්නේ මිලියනපතියන් 340,000 ක් වාර්තා කරමින්.

ජපානය – අමෙරිකාව – බ්‍රිතාන්‍යය – සිංගප්පූරුව – හොංකොං සහ චීනය මුල් ස්ථාන 10 හි පසුවනවා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »