
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම පී සී ආර් පරීක්ෂණ මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය වී තිබෙනවා.
ඒ අනුව පී සී ආර් පරීක්ෂණයක් සිදුකර ගැනීම සඳහා මින් ඉදිරියට දිගු පෝලිම්වල රැඳී සිටීමක් සිදු නොවන අතර වෛද්‍යවරයෙකුගේ අනුමැතිය යටතේ අරමුදල හරහා ගෙවීම් සිදුකරන පරීක්ෂණයක් සිදුකරගත හැකියි.
මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් දඩ මුදල් අය කිරීම් නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිලිබඳ නාගරික කවුන්සිල විසින් විමසා බැලීම් ආරම්භ කර තිබෙනවා.

කොපමණ දඩ පත්‍රිකා සංඛ්‍යාවකට එම තීරණය බලාත්මක වන්නේදැයි එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
කොවිඩ් සමයේදි නිකුත් කෙරුණු දඩ පත්‍රිකා 29,000 ක් පමණ සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් බළධාරීන් මෙතෙක් මුදල් ආපසු ගෙවීමක් සිදුකර නැහැ.
