
සිය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලෙහි එක් අධියරක් ලෙස රැකියා කප්පාදුවක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන ජූනි මාසය වනවිට සේවකයන් 400 කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.
ඔවුන් සියලු දෙනා සහයක සේවාවල නිරත වන්නන් වන අතර ඉදිරිපෙළ සේවකයන් කිසිවෙකුත් ඉවත් කිරීමට තීරණය කර නැතැයි Australia Post නිවේදනය කලා.

2015 වසරෙන් පසු පළමුවරට Australia Post විසින් අලාභයක් වාර්තා කිරීමයි මීට හේතුවි ඇත්තේ.
මේ අතර සිය සමූහයේ පූර්ණ කාලීන රැකියා 500 ක් පමණ කපා හැරීමට ස්ටාර් කැසිනෝ ආයතනය අයත් ස්ටාර් විනෝදාස්වාද සමූහය තීරණය කර තිබෙනවා.

මෙම වසරේදි සිය ආදායම ඩොලර් මිලියන 280 ත් 310 ත් අතර අගයකට අඩුවනු ඇති බවට පුරෝකථනය කරමිනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
පසුගිය වසරේදී එය ඩොලර් මිලියන 500 ද ඉක්මවා ගොස් තිබුණා.