ආසියානු රටකට ඔස්ට්‍රේලියාවෙන් Student වීසා වාරණයක්

ඉන්දියාවේ තෝරාගත් ප්‍රාන්ත කිහිපයකින් ලැබෙන ශිෂ්‍ය වීසා අයදුම්පත් සළකා බැලීම සීමා කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධානම විශ්ව විද්‍යාල 05 ක් තීරණය කර තිබෙනවා.

කොවිඩ් සමයෙන් පසු අදාළ ප්‍රාන්තවලින් ලැබෙන අයදුම්පත් අතුරින් අති විශාල සංඛ්‍යාවක් වංචා සහගත තොරතුරු ඇතුළත් කර එවා තිබීම ඊට හේතුවයි.

මේ අනුව අදාළ විශ්ව විද්‍යාල 05 (Victoria University, Edith Cowan University, the University of Wollongong, Torrens University, and Southern Cross University) විසින් තීරණය කර ඇත්තේ පංජාබ් – හර්යානා – උත්තර් ප්‍රදේශ් – රාජස්ථාන් – ගුජරාට් ඇතුලු ප්‍රාන්ත කිහිපයකින් ලැබෙන ශිෂ්‍ය වීසා අයදුම්පත් සළකා බැලීම හැකිතාක් අවම කිරීමටයි.

පසුගිය පෙබරවාර් මාසයේදී අදාළ ප්‍රාන්තවලින් ලැබුණු ශිෂ්‍ය වීසා අයදුම්පත් අතුරින් සියයට 94 ක් ප්‍රතික්ෂේප කිරීමටයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ.

මෙම වසරේදී ඉන්දියාවෙන් පමණක් ශිෂ්‍ය වීසා මත 75,000 කට අධික පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇති බවටද වාර්තා පළවී තිබෙනවා.

SOURCES :

https://indianexpress.com/article/education/study-abroad/why-are-indian-students-facing-restrictions-from-these-5-australian-universities-study-abroad-8563246/

https://www.sbs.com.au/news/article/universities-crack-down-on-indian-students-as-fraudulent-visa-applications-surge/0o9qhystl

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »