
විපක්ෂ නායක පීටර් ඩට්න් සහ ලිබරල් සන්ධාන විපක්ෂයේ ජනප්‍රියතාවය කැපී පෙනෙන අන්දමින් පහළගොස් තිබෙනවා.
මාධ්‍ය ආයතනයක් විසින් සිදුකර ඇති නවතම මත විමසුමකට අනුව පාලක ලේබර් පක්ෂයේ ජනප්‍රියතාවය සියයට 39 සිට 42 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.
විපක්ෂ ලිබරල් සන්ධානයේ ජනප්‍රියත්වය සියයට 30 සිට 28 දක්වා පහළ බැස තිබෙනවා.

එමෙන්ම විපක්ෂ නායක පීටර් ඩටින්ගේ පුද්ගලික ජනප්‍රියත්වය සියයට සෘණ 11 සිට සෘණ 28 දක්වා වාර්තාගත අන්දමින් අඩුවී තිබීම විශේෂත්වයක්.
ස්වදේශික ජනතා නියෝජන යෝජනාවට විරෝධය පළකිරීමට ලිබරල් සන්ධානය ගත් තීරණය සහ එහි ඉදිරිපෙළ මන්ත්‍රීන් කිහිප දෙනෙකුම යෝජනාවට පක්ෂව අදහස් දැක්වීම මීට ප්‍රධාන හේතු වී තිබෙනවා.
