ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිස පිරිත් පැන් කළ ගඟට දමයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිස පිරිත් පැන් කළ ගඟට දමයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිස පිරිත් පැන් කළ ගඟට දමයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිස පිරිත් පැන් කළ ගඟට දමයි.

මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම අරමුණු කරගෙන රාජකීය වෛද්‍යවරයා ලෙස සැලකෙන ඒලියන්ත වයිට් විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ සතරක් ගංගාවන් වෙත මුදා හැරීමට පියවර ගෙන ඇති බව mawratanews.lk වෙබ් අඩවිය වාර්තා කර සිටි.

ඒ අනුව ඒලියන්ත වයිට් විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගගටද, සංචාරක අමාත්‍ය ප්‍රසාන්න රණතුංග මහතා විසින් එක් පැන් කළයක් ගම්පහ ප්‍රදේශයෙන් කැලණි ගගටද, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක් පැන් කළයක් රත්නපුරේදී කළු ගගටද, උදය ගම්මන්පිල මහතා විසින් එක් පැන් කළයක් කොළඹදී කැළණී ගගටද මුදා හැරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන්ටද මේ අයුරින්ම පැන් කළ ලබා දී අදාළ ප්‍රදේශවල ඇති ගංගා ඇල දොළවලට මුදාහරින ලෙස දැනුම් දීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

එම වීඩියෝව පහතින්:

https://fb.watch/1uGBpsDkgR/

COMMENTS