
සුභසාධක දීමනා සඳහා වෙන් කරන මුදල ඩොලර් බිලියන 34 කින් ඉහළ දමන ලෙසට විද්වත් කමිටුවක් විසින් ෆෙඩරල් රජයට නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව Jobseeker සහ විශ්‍රාම වැටුප් ඇතුලු දීමනා කිහිපයකට ගෙවන මුදල් ලබන මාසයට යෙදී ඇති ෆෙඩරල් අයවැය ලේඛණය මගින් වැඩි කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
නිර්දේශ 37 කින් සමන්විතව මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව සති 02 ක් සඳහා දීමනාව ඩොලර් 840 ක් දක්වා ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
විශ්‍රාමිකයන් සඳහා දැනට ගෙවනු ලබන සියලුම දීමනා සියයට 90 කින් වැඩි කල යුතු බවට අදාළ විද්වත් කමිටුව විසින් යෝජනා කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ෆෙඩරල් රජය විසින් මේ දක්වා අවසාන තීන්දුවක් ගෙන නොමැති අතර ලබන මාසයට නියමිත ෆෙඩරල් අයවැයට පෙර තීරණයක් ගැනීමට නියමිතයි.