
ඔස්ට්‍රේලියාව තුළ ගෘහ විදුලි උපකරණ මිළ ගණන්ද කැපී පෙනෙන අගයන්ගෙන් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසර හා සැසඳීමේදී ඇතැම් උපකරණවල මිළ සියයට 80 කින් පමණ වැඩිවී ඇති බවයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
ටෝස්ටර් – ශීතකරණ – මයික්‍රොවේව් උඳුන්වල මිළ ඉහළයාම සටහන් වන්නේ සියයට 12 ත් 25 ත් අතර අගයන්ගෙනුයි.

එනම් ඩොලර් 229 ත් 3000 ත් අතර මිළකින් එම උපකරණ මිළ වැඩිවී ඇති බවයි සඳහන් වන්නේ.
ඉන්ධන හා බලශක්ති පිරිවැය සීඝ්‍රයෙන් ඉහළයාම සහ සැපයුම් අඩාලවීම මීට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.
