
මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල්වල ඔවුන්ගේ කාමර දොරගුලු වසා තැබීමේ පිළිවෙත වහා අත්හිටුවන්නැයි පාර්ශව රැසක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කරනවා.
මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන එකම ප්‍රාන්තය ක්වීන්ස්ලන්ඩ් වන අතර එය ඉතා අමානුෂික බවටයි චෝදනා එල්ල වන්නේ.
2013 වසරේදී හඳුන්වාදෙනු ලැබූ මෙම දැඩි පිළිවෙත මානව හිමිකම් නීතිවලට පවා පටහැණි බවටයි පාර්ශව ගණනාවක් පෙන්වා දී ඇත්තේ.

මෙය එක්තරා ආකාරයකින් රෝගීන්, සිරකරුවන් හා සමානව සැළකීමක් බවටද ඇතැමුන් අදහස් දක්වා තිබුණා.
මහජන අදහස් සැළකිල්ලට ගෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් මෙම පිළිවෙත වහා නතර කල යුතු බවයි බොහෝ දෙනා අවධාරණය කරන්නේ.
