Search

වසර 10 කට පසු ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුප් වර්ධන වේගය පසුගිය වසරේදී

වසර 10 කට පමණ පසු තනි වසරකදී ඔස්ට්‍රේලියාව තුළ වැටුප් වර්ධන වේගය ඉහළම අගය පසුගිය වසරේදී වාර්තා කර තිබෙනවා.

එය සියයට 3.3 ක් ලෙස පැවති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ.

වසරේ අවසාන කාර්තුවේදී වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 0.8 ක් ලෙස පැවතී තිබෙනවා.

පසුගිය වසරේදීත් රාජ්‍ය සේවකයන්ට වඩා පුද්ගලික සේවකයන්ගේ වැටුප් තරමක් වැඩි අගයකින් වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් දෙසැම්බර් කාර්තුවේදී වැටුප් වැඩිවීමක් ලැබී ඇත්තේ පුද්ගලික සේවකයන් අතුරින් සියයට 21 කට පමණයි.

ක්ෂේත්‍ර ලෙස සැළකීමේදී ඉහළම වැටුප් වැඩිවීම් ලැබී ඇත්තේ සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රයේයි.

අඩුම වැටුප් වැඩිවීම් ලැබී ඇත්තේ අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍ර සඳහායි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »