ආර්ථික අවපාතයකදී වැඩිම බලපෑම නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලට

ඉදිරියේදී ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගමන් කලහොත් එහි වැඩිම බලපෑම එල්ලවනුයේ නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලට බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

කුමන කාලයක එම තත්වය උදාවනු ඇති දැයි කිව නොහැකි නමුත් පවතින ආර්ථික තත්වය දෙස විමසා බැලීමේදී එය බැහැර කිරීමටද නොහැකි බවයි අවධාරණය කෙරෙන්නේ.

ශක්තිමත් ස්ථාවරයක පසුවූ ඉදිකිරීම් සමාගම් ඇතුලු කර්මාන්ත කිහිපයක කඩා වැටීම් ඊට හේතු ලෙස මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අඛණ්ඩව 10 වන වරටත් වැඩි කරන ලද මෙරට cash rate අගය පසුගිය මාසයේදී ස්ථාවර අගයක පැවති නමුත් ලබන මාසයේ යළිත් වැඩි කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එමෙන්ම උද්ධමනය සහ විරැකියා අනුපාතයද ඉදිරි මාසවල යළිත් ඉහළ යනු ඇති බවටද අනතුරු අගවා තිබෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »