වික්ටෝරියානු ප්‍රාන්තයේ තවදුරටත් කොරෝනා නීති ලිහිල් කිරීමට සූදානම්!

වික්ටෝරියානු ප්‍රාන්තයේ තවදුරටත් කොරෝනා නීති ලිහිල් කිරීමට සූදානම්!

Victoria to see more eased restrictions for sport as Melbourne comes out of lockdown.

වික්ටෝරියානු නියෝජ්‍ය අගමැති James Merlino ඉරිදා දින පුවත්පත් සාකච්ඡාවේදී නිවේදනය කළේ ගෘහස්ථ ක්‍රීඩා සහ තරඟ සඳහා ඇති සීමාවන් ලිහිල් කිරීමට රජය කටයුතු කරන බවයි.

“අපි මෙම නීති ලිහිල් කිරීම මඟින් ළමුන් ගේ ක්‍රියාශීලීබව සහ ඔවුන්ගේ ප්‍රජා සමාජ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි Merlino පැවසීය.

“මෙලෙස ක්‍රීඩා කටයුතු සඳහා වැඩි සැලකිල්ලක් ලබා දීමෙන් ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය, සහ​ ඔවුන්ගේ දෙමව්පියන්ගේ මානසික සෞඛ්‍යය සඳහා ඉවහල් වනු ඇත​. ”

මෙම නිවේදනයත් සමඟ Merlino පැවසුවේ වික්ටෝරියා පුරා ළමුන් 100,000 කට පමණ ඩොලර් 200 ක ක්‍රීඩා වවුචර ලබා දෙන බවයි. ඩොලර් මිලියන 24 ක් පමණ පාසල් ක්‍රීඩා වැඩසටහන් සඳහා ද ආයෝජනය කෙරේ.

වික්ටෝරියා රජයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පැවසුවේ නොවැම්බර් 8 වන දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත නීති ලිහිල් කිරීම් සඳහා වික්ටෝරියා ප්‍රාන්තය නිවැරදි මාවතේ යන බවයි.

මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධව පවතින නීති ලිහිල් කිරීමටද බලාපොරොත්තු වන බවට සඳහන්.  කෙසේ වෙතත්, එය ඉදිරි සතිය තුල වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන අනුව තීරණය වන බව ඔහු පැවසීය.

සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More »

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »