ක්වීන්ස්ලන්ඩ් නිවාස inspection නීති සඳහා නව රෙගුලාසි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස කුළී නීති සඳහා තවත් සංශෝධන කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව නිවාස ඒකකවල ආරක්ෂාව සඳහා මෙන්ම අලංකරණය සඳහා අලුත්වැඩියා සහ වෙනස්කම් සිදුකිරීමට කුළී නිවැසියන්ට අමතර බලතල හිමිවනු ඇති.

දැනට ක්වීන්ස්ලන්ඩ් හි පවතින නීති අනුව එවැනි වෙනස්කමක් සිදුකරන්නේ නම් නිවාස හිමියාගේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වනවා.

මීට අමතරව නිවාස හිමියන් විසින් දේපළ පරීක්ෂාවට (inspection) පැමිණෙන වාර සංඛ්‍යාව අඩු කිරීමටද නව නීති යටතේ යෝජනා කර තිබෙනවා.

එමෙන්ම එලෙස පැමිණීමට පෙර දැනුම්දිය යුතු අවම දින ගණන ඉහළ දමා තිබීමද විශේෂත්වයක්.

ක්වීන්ස්ලන්ඩ් හි නිවාස කුළී වැඩිකිරීම වසරකට එක් වරකට පමණක් සීමා කිරීම සහ මෙම නව නීති සියල්ල සම්මත වුවහොත් ලබන ජූලි 01 දා සිට බලාත්මක වනු ඇති.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »