පර්ත් කසළ එක්රැස් කරන සේවකයන් හෙට වර්ජනයක

පර්ත් නගරයේ කසළ එක්රැස් කරන සේවකයන් හෙට සේවයෙන් ඉවත්ව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වනවා.

නාගරික කවුන්සිල 09 ක් ආවරණය වන පරිදි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි පර්ත් කසළ එක්රැස් කරන සේවකයන් සූදානම් වන්නේ.

අතිකාල ගෙවීම අත්හිටුවීම සහ වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවීම යන කරුණු සැළකිල්ලට ගෙනයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර ඇත්තේ.

අදාළ සමාගම සමග සාකච්ඡා කර එකගතාවයකට එළැඹීමට නොහැකිවීමෙන් මෙම වර්ජනය සංවිධාන කර තිබෙනවා.

සිඩ්නි නගරයේ කසළ එක් රැස්කරන සේවකයන්ද පසුගිය සතියේදී වැඩ වර්ජනයක නිරත වූයේ අතිකාල ගෙවීම අත්හිටුවීම සහ වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවීමට විරෝධය පළකරමිනුයි.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »