වික්ටෝරියා ප්‍රාන්තයේ හෙරොයින් ආශ්‍රිත මරණ ඉහළ යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ හෙරොයින් භාවිතය සම්බන්ධ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ පළමු සහ දෙවන කාර්තුවලදී එවැනි මරණ 60 කට වැඩි සංඛ්‍යාවක් බැගින් වාර්තා වී තිබුණා.

කෙසේවෙතත් ඊට පෙර කාර්තු 06 කදීම සටහන් වී තිබුණේ එවැනි මරණ 42 ක සාමාන්‍යයක් බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මෙම මරණ අතුරින් වැඩිම සංඛ්‍යාවක් සටහන් වී ඇත්තේ මෙල්බන් නාගරික කලාපයෙන් වන අතර එම සංඛ්‍යාව 30 කට ආසන්න වී තිබෙනවා.

කොවිඩ් සමයේදී හෙරොයින් භාවිතයේ තරමක අඩුවක් පෙන්නුම් කලද ලොක්ඩවුන් තත්වයන් ඉවත් කිරීමෙන් පසු එම තත්වය නැවත වර්ධනය වී ඇති බව සංඛ්‍යාලේඛණවල සඳහන්.

If you need help:

  • National Alcohol and Other Drug Hotline: 1800 250 015 — 24/7 info, counselling support, and referrals (webchat is also available Mon-Fri 8:30am-5pm)
  • Family Drug Support1300 368 186 — 24/7 support and info for families, friends, and carers of people with problematic alcohol and drug use
  • Al-Anon: 1300 252 666 — counselling and support groups for friends and family of alcoholics
  • Path2Help: an online tool that assesses the problem and connects you to nearby support services
  • Beyond Blue1300 224 636
  • Lifeline: 13 11 14
  • MensLine Australia: 1300 789 978

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »