මෙල්බන් දුම්රිය ප්‍රමාද අවලංගු කිරීම් අඩුම – වැඩිම මාර්ග මෙන්න

මෙල්බන් නගරයේ දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් වැඩිම වශයෙන් සිදුවන මාර්ග නම් කර තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු සිට මෙම වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ ලබාගත් දත්ත අනුවයි මෙම සංඛ්‍යාලේඛණ නිකුත් කර ඇත්තේ.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ වැඩිම දුම්රිය ප්‍රමාදයන් සිදුවී ඇත්තේ ක්‍රේගිබර්න් (Craigieburn) මාර්ගයේ වන අතර එම ප්‍රතිශතය සියයට 10.6 ක්.

වෙරිබි (Werribee) මාර්ගයේ දුම්රිය ප්‍රමාද ප්‍රතිශතය සියයට 10 ක් ලෙසද – ෆ්‍රැන්ක්ස්ටන් (Frankston) මාර්ගයේ දුම්රිය ප්‍රමාද ප්‍රතිශතය සියයට 9.8 ක් ලෙසද සටහන්වී තිබෙනවා.

වැඩිම දුම්රිය අවලංගු කිරීම් සංඛ්‍යාවක් සටහන්වී ඇත්තේ පැකනම් (Pakenham) මාර්ගයේයි.

ෆ්‍රැන්ක්ස්ටන් (Frankston) සහ ක්‍රේගිබර්න් (Craigieburn) පිළිවෙලින් 02 වන සහ 03 වන ස්ථානවලට පත්වී තිබෙනවා.

මෙල්බන් නගරයේ දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් අඩුම වශයෙන් සිදුවී ඇත්තේ ග්ලෙන් වේවර්ලි (Glen Waverley) සහ සැන්ඩ්‍රින්ග්හැම් (Sandringham) මාර්ගවලයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »