Search

මෙල්බන් ශ්‍රී ලංකන් අවුල ගැන වාර්තාවක් කැඳවයි

SRI LANKAN AIR LINES

මෙල්බන් නුවරදී සිය ගුවන් යානයක් පැය 30 කට අධික කාලයක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සිටින සිය නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

පැය ගණනාවක් මෙල්බන් ගුවන් තොටුපොලේ අපහසුතාවයට පත් ගුවන් මගීන්ට හැකි උපරිම ආකාරයෙන් පහසුකම් සැලසීමට පියවර ගත් බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේ මෙම සිදුවීමේදී තම සමාගම ප්‍රමුඛත්වය ලබාදුන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවයි.

අප්‍රේල් 15 වනදා එනම් පසුගිය සෙනසුරාදා මෙල්බන් වේලාවෙන් පස්වරු 4.10 ට කොළඹ දක්වා පියාසර කිරීමට නියමිතව තිබු ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් වාරය අනපේක්ෂිත ලෙස ප්‍රමාදවූයේ ගුවන් යානයේ ඇතිවු දෝෂයක් හේතුවෙනුයි.

එහිදී මගීන් චෝදනා කළේ, ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් කිසිදු වගකිවයුතු නිලධාරීයෙකු එහි නොපැමිණි බවටයි.

පැය 30 කට ආසන්න කාලයක් ප්‍රමාද වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය මගීන් 218 ක් රැගෙන ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7.40 ට පමණ කටුනායකට ගොඩබස්වා තිබුණා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »