
ස්වදේශික ජනතා නියෝජන යෝජනා ජනමත විචාරණයේදී ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 10 ක් පමණ ඡන්දය භාවිත නොකරනු ඇති බවට සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම තවත් සියයට 09 ක් පමණ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද සඳහන්.
ඒ අනුව සියයට 20 ක් පමණ තවදුරටත් පසුවන්නේ අවිනිශ්චිත මතයකයි.

කෙසේවෙතත් මෙම සමීක්ෂණයට සහභාගී වූ, ඡන්දය ප්‍රකාශ කරන බවට අදහස් පළකල ජනතාව අතුරින් සියයට 58 ක් පමණ පවසා ඇත්තේ තමන් යෝජනාවට සහය පළකරන බවයි.
ඒ අනුව යෝජනාවට විරුද්ධත්වය පළකර ඇති ප්‍රතිශතය සියයට 42 ක්.

මෙම ජනමත විචාරණය සම්මතවීමට සරළ බහුතර ඡන්දය පමණක් ප්‍රමාණවත් නොවන අතර ප්‍රාන්ත බහුතරයක වැඩි ඡන්දයෙන්ද සම්මත විය යුතු වනවා.
ස්වදේශික ජනතා නියෝජන යෝජනා ජනමත විචාරණය පැවැත්වෙන දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති නමුත් බොහෝ විට ඔක්තෝබර් හෝ නොවැම්බර් මාස අතුරින් එකකදී එය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.