Scam නිසා ගිය වසරේ ඔස්ට්‍රේලියානුවන් $ බිලියන 3.1 ක් අහිමි කරගනී

Scam ඝනයට අයත් විවිධ වංචාවන්ට හසුවීමෙන් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානුවන් විසින් අහිමි කරගත් මුදල ඩොලර් බිලියන 3.1 ක් බවට තහවුරු කර තිබෙනවා.

එය 2021 වසරට වඩා සියයට 80 ක ඉහළයාමක් බවයි පාරිභෝගික කොමිසම නිකුත් කර ඇති සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

ආයෝජන සමබන්ධ වංචා හමුවේ ඩොලර් බිලියන 1.5 ක මුදලක් ද – දුරස්ථ ගණුදෙනු වංචා හමුවේ ඩොලර් මිලියන 229 ක්ද – ගෙවීම් සමබන්ධ වංචා හමුවේ ඩොලර් මිලියන 224 ක මුදලක්ද ඔස්ට්‍රේලියානුවන් විසින් අහිමි කරගෙන ඇති බව සඳහන්.

මෙරට වංචා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ආයතනයට අනුව පසුගිය වසරේදී ලැබී ඇති මුලු පැමිණිලි සංඛ්‍යාව 239,237 ක්.

කෙසේවෙතත් එය 2021 වසරේදි ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 16.5 ක අඩුවක් බව සඳහන්.

වංචාවන්ට හසුවූ පුද්ගලයන් විසින් අහිමි කරගෙන ඇති මුදලෙහි සාමාන්‍යය සටහන් වන්නේ ඩොලර් 20,000 ක් ලෙසයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »