ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය චොකලට් වර්ග 03 ක සුවිශේෂී වෙනස්කමක් අද සිට

ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය චොකලට් වර්ග 03 ක දවටන සඳහා සිදුකල සුවිශේෂී වෙනස්කමක් අද සිට බලාත්මක වනවා.

ඒ අනුව Mars – Snickers සහ Milkyway යන චොකලට් වර්ගවල දවටන පරිසර හිතකාමී ප්‍රතිචක්‍රීකරණය කල හැකි අයුරින් වෙළඳපොළට ඉදිරිපත් කෙරෙනු ඇති.

මේ හරහා වසරකට පරිසරයට එකතුවන දිරාපත් නොවන ප්ලාස්ටික් ටොන් 360 ක් පමණ වළක්වාලීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි.

මෙම වෙනස්කම සම්බන්ධයෙන් Mars විසින් පළමුවරට අනාවරණය කලේ පසුගිය නොවැම්බර් මාසයේදීයි.

මෙවැනි වෙනසක් සිදුකරන ලද පළමු රට වන්නේද ඔස්ට්‍රේලියාවයි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »