ජල ගැලීම් හේතුවෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට $ බිලියන 05 ක බලපෑමක්

ජල ගැලීම් හේතුවෙන් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියා ආර්ථිකයට සිදුවූ බලපෑම ඩොලර් බිලියන 05 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.

එමෙන්ම අනෙකුත් ස්වභාවික ව්‍යසන හමුවේද සැළකිය යුතු පාඩුවක් සිදුවී ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

ජල ගැලීම් හමුවේ වැඩිම හානියක් සිදුවී ඇත්තේ කෘෂිකර්මාන්තයට වන අතර පතල් – සංචාරක සහ ඉදි කිරීම් කර්මාන්තයටද හානි සිදුවී ඇති බව සඳහන්.

පසුගිය වසරේ අවස්ථා 03 කදී වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලට ජල ගැලීම් වලට මුහුණදීමට සිදුවුණා.

මේ අතර පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 68 ක් පමණ කුමන හෝ ස්වභාවික ආපදාවකට මුහුණ දී ඇතැයිද මෙම වාර්තාවට අන්තර්ගතයි.

ලබන මැයි මාසයේදී ඉදිරිපත් කෙරෙන අයවැයේදී සවභාවික ව්‍යසන ආපදා සඳහා වැඩි මුදලක් වෙන් කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »