දකුණු ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් වයස අවුරුද්දකින් පෙරට

දකුණු ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 03 සම්පූර්ණ වූ සියලු දරුවන් පෙර පාසල් අධ්‍යාපනය සඳහා යොමුකල යුතු බවට රාජකීය කොමිසමක් විසින් නිර්දේශ කර තිබෙනවා.

වසරකට අවම වශයෙන් පැය 600 ක් හෝ ඔවුන් එම අධ්‍යාපනය හැදෑරිය යුතු බවටයි හිටපු අගමැතිනියක වන ජුලියා ගිලාඩ් විසින් ප්‍රධානත්වය දරන ලද රාජකීය කොමිසම විසින් යෝජනා කර ඇත්තේ.

දැනට අවම පෙර පාසල් වයස වන අවුරුදු 04, අවුරුදු 03 ක් දක්වා පෙරට ගැනීම 2026 වසරේ සිට ක්‍රියාත්මක කල යුතු බවත් එහි සඳහන්.

මීට සමගාමීව නව පෙරපාසල් 32 ක් ඉදි කල යුතු අතර ඒ සඳහා වැයවනු ඇති බවට තක්සේරු කර ඇති මුදල ඩොලර් මිලියන 112 ක්.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයට ලබාදී ඇති මෙම යෝජනාවලියේ නිර්දේශ 33 ක් අන්තර්ගත අතර වැයවනු ඇති බවට ගණන් බලා ඇති මුලු මුදල ඩොලර් මිලියන 270 කට අධිකයි.

මෙහි අවසාන වාර්තාව නිකුත් කිරීමට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු මාසයේදීයි.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »