වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක Woolworths අලෙවිසැල් වෙතින් සත 15 වටිනාකමැති ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් ඉවත් කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් – ටස්මේනියා සහ වික්ටෝරියා ප්‍රාන්තවල අද සිට එය බලපැවැත්වුණද Northern Territory – ACT – දකුණු ඔස්ට්‍රේලියා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල දැනටමත් මෙම බෑග් භාවිතයෙන් ඉවත් කර අවසන්.
ලබන ජූනි මාසයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද, නැවත නැවතත් භාවිත කල හැකි මෙම ප්ලාස්ටික් බෑග් භාවිතය අවසන් කිරීමත් සමග සමස්ත ඔස්ට්‍රේලියාව පුරා Woolworths අලෙවිසැල්වලින් මෙම සත 15 වටිනාකමැති ප්ලාස්ටික් බෑග් භාවිතය නතර වනවා.
මෙම පියවර හරහා වසරකදී පරිසරයට මුදා හැරෙන ප්ලාස්ටික් ටොන් 1800 ක් පමණ එකතුවීම නතරවනු ඇති බවටයි අනාවැකි පළකරන්නේ.
Coles වෙළඳසැල් ජාලය විසින්ද මේ වනවිටත් පරිසර හිතකාමී බෑග් හඳුන්වාදීම ආරම්භ කර තිබෙනවා.