ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණය සහිත නගරය බවට මෙල්බන් පත්වෙයි

ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණය සහිත නගරය බවට සිඩ්නි අභිබවා මෙල්බන් පත්වී තිබෙනවා.

අද නිකුත් වු නවතම වාර්තාවක දැක්වෙන්නේ මෙල්බන් ජනගහණය මේ වනවිට ලක්ෂ 58 කට ආසන්න වී ඇති අතර එය සිඩ්නි නගරයට වඩා 19,000 ක පමණ ඉහළයාමක් බවයි.

කොවිඩ් වසංගතයට පෙර පුරෝකථනය කර තිබුණේ 2026 වසර වනවිට මෙල්බන් ඔස්ට්‍රේලියාවේ ජනගහණය අතින් විශාලතම නගරය බවට පත්වනු ඇති බවයි.

කෙසේවෙතත් කොවිඩ් සමයේදී සියයට 1.6 ක පමණ ජනගහණයක් නගරයෙන් බැහැරවීමත් සමග එම කාලවකවානුව 2031-32 වසර දක්වා දීර්ඝ කෙරුණා.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේදී ෆෙඩරල් රජය නිකුත් කල වාර්තාවක දැක්වුණේ සංක්‍රමණ සහ උපත් ඉහළයාම් සමග සිඩ්නි පසුකර මෙල්බන් පළමු ස්ථානයට පැමිණීමට තවත් වසර 10 කට ආසන්න කාලයක් ගතවනු ඇති බවයි.

තවමත් මෙරට වැඩිම ජනගහණය සහිත ප්‍රාන්තය නිවු සවුත් වේල්ස් වන අතර 2032-33 වනවිට එහි ජනගහණය මිලියන 9.1 ක් වන අතර වික්ටෝරියා හි ජනගහණය මිලියන 7.8 ක් ලෙසයි පුරෝකථනය කර ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »