
නිවාස කුළී අගයක් ඉහළාම හමුවේ අත්‍යවශ්‍ය සේවකයන් විශාල පිරිසක් දෙවන රැකියාවක් සඳහා යොමුවීම ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන්ගේ ආදායමෙන් සියයට 80 ක් පමණ නිවාස කුළී ගෙවීමට පමණක් වැය කිරීමට සිදුවී ඇති බව සඳහන්.
මෙම තත්වය වැඩිම වශයෙන් දක්නට ලැබෙනුයේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බවටයි අනාවරණ වී ඇත්තේ.

සෞඛ්‍ය – ආගන්තුක සත්කාර ඇතුලු අත්‍යවශ්‍ය සේවා රැසක් මේ අතර වනවා.
ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සේවකයන්ට සිය ආදායමෙන් 2/3 ක් වැය කිරීමට සිදුවී ඇත්තේ නිවාස කුළී ගෙවීමට හෝ ණය වාරික ගෙවීමට බව අනාවරණ වී තිබෙනවා.

aged care – ආගන්තුක සත්කාර – තැපැල් සහ භාණ්ඩ ප්‍රවාහන වැනි අංශ 15 ක සේවකයන් ඒ අතර වන බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.
2020 වසරේ මාර්තු සිට අත්‍යවශ්‍ය සේවකයන්ට සිය සතියක වැටුපෙන් අවම වශයෙන් පැය 06 ක ආදායම හෙවත් වසරකට දින 37 ක ආදායම වැය කිරීමට සිදුවී ඇත්තේ කුළී වාරික වැඩිවීම් පියවීමට පමණක් බවද මෙහිදී හෙළිවී තිබෙනවා.