මෙල්බන් ගුවන් තොටේ ශ්‍රී ලංකන් අවුල විසඳයි

මෙල්බන් නුවර දී කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය අද අලුයම ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 09.30 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කලා.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ මෙල්බන් නුවරින් පිටත්වයාමට නියමිතවූ මෙම යානය පැය 30 කට වැඩි කාලයක් ප්‍රමාදවී තිබීමත් සමග මගීන් මෙල්බන් ගුවන් තොටුපළේදී නොසන්සුන්කාරීව හැසිරී තිබුණා.

මෙම පිරිස රැගෙන ඒම සඳහා වෙනත් ගුවන් යානයක් ඊයේ දිනයේදී මෙල්බර්න් බලා පියාසර කර ඇත්තේ ඉංජිනේරුවරුන් සයදෙනෙකුද සමගයි.

ඔවුන් මේ වනවිට අදාළ ගුවන් යානය යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වනවා.

ගුවන් මගීන් 300 කට ආසන්න පිරිසක් මෙම යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වුණා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »