ඔස්ට්‍රේලියාවට විදෙස් සිසුන් ගේන්න තවත් අගමැතිවරයෙක් ආසියාවට

ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලකට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් ද මුලපුරා තිබෙනවා.

ඒ අනුව ඔහු ඊයේ දිනයේදී චීනය බලා පිටත්ව ගොස් ඇත්තේ වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධනය කරගැනීමේද අරමුණ ඇතිවයි.

බටහිර ඔස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ සහකරු වන්නේ චීනය වන අතර එහි වටිනාකම වසරකට ඩොලර් බිලියන 130 කට අධිකයි.

කෙසේවෙතත් බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් අතුරින් වැඩි පිරිස ඉන්දියාවෙන් පැමිණෙන අතර දෙවන ස්ථානය චීන සිසුන් වනවා.

එම ප්‍රතිශතය සියයට 12 කට ආසන්නයි.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ද දින කිහිපයකට පෙර චීනය බලා පිටත්ව ගොස් තිබුණේ චීන සිසුන් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සඳහායි.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »