Buy now, pay later හරහා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව ණයකරුවන් වීමේ අවධානමක්

පසුව මුදල් ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාගත හැකි ක්‍රම (buy now, pay later (BNPL) හරහා ඔස්ට්‍රේලියානු තරුණ තරුණියන් ණයකරුවන් බවට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි අනාවරණය වනවා.

පවතින ආර්ථික වාතාවරණය හමුවේ AfterPay සහ Zip වැනි සේවා මේ වනවිට අතිශය ජනප්‍රිය වී ඇති බව සඳහන්.

එම ක්‍රම භාවිතයට ගන්නා අය අතුරින් සියයට 60 ක් පමණ වයස අවුරුදු 18 ත් 34 ත් අතර වියෙහි පසුවන තරුණ තරුණියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් ගෙවීම් ප්‍රමාදවීමත් සමග අධික පොළියක් එකතුවීමෙන් මුදල් ගෙවාගත නොහැකිව භාණ්ඩ ගැණුම්කරුවන් ණයකරුවන් බවට පත්වීමේ ඉහළ අවධානම් තත්වයක් ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර පසුව මුදල් ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාගත හැකි අවම වයස අවුරුදු 18 ක් වුවද බාලවයස්කරුවන් විශාල පිරිසක් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර එම සේවා සඳහා ලියාපදිංචිවීම ඉහළ ගොස් ඇති බවටද හෙළිකරගෙන තිබෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »