SMS හරහා $ 34,000 ක් වංචා කල මෙල්බන්වාසියෙකු අත්අඩංගුවට

දුරකථන කෙටි පණිවිඩ වංචා හරහා පුද්ගලයන්ගෙන් ඩොලර් 34,000 කට වැඩි මුදලක් වංචා කල මෙල්බන්වාසියෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.

27 හැවිරිදි සැකකරු වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය වසරේ ජූලි සිට නොවැම්බර් දක්වා කාලය තුළ අවස්ථා 05 කදී මොහු මෙම මුදල් වංචා සිදුකර ඇති බව සඳහන්.

පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් වූ මාස 12 ක කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් විසින් විවිධ වංචා හමුවේ අහිමිකරගෙන ඇති මුදල ඩොලර් මිලියන 44 කට ආසන්න බව පාරිභෝගික කොමිසම නිකුත් කල සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

ඉන් බහුතරය කෙටි පණිවිඩ වංචා වන අතර පුද්ගලයන් 27,000 ක් පමණ එලෙස අහිමිකරගෙන ඇති මුදල ඩොලර් 68 ලක්ෂයකට ආසන්න බවටයි වාර්තා වන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »