ඉහළම ශිෂ්‍ය ණය හිමිකරුවන් ගෙවිය යුතු මුදල් හෙළි කෙරේ

ඔස්ට්‍රේලියාව තුළ වැඩිම අගයකින් ලබාගෙන ඇති ශිෂ්‍ය ණය පිළිබඳ තොරතුරු බදු කාර්යාලය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ අනුව වැඩිම ණය මුදල ලෙස සටහන් වන ප්‍රමාණය ඩොලර් 737,000 ක් වන අතර දෙවන ස්ථානය ලෙස ඩොලර් 500,000 කට ආසන්න මුදලක් සටහන් වනවා.

03 වන ස්ථානයේ පසුවන ණය මුදල ඩොලර් 387,000 ක් වන අතර මුල් ස්ථාන 100 හි අවසාන ස්ථානයට පත්ව ඇත්තේ ඩොලර් 219,000 ක ණය මුදලකුයි.

සමස්ත ශිෂ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 74 කට ආසන්න වන අතර මුල් ස්ථාන 100 හි පසුවන ණය ලාභීන් විසින් එයින් ඩොලර් මිලියන 25 කට ආසන්න ප්‍රමාණයක් ගෙවිය යුතු වනවා.

ලබන ජූනි පළමුවනදා සිට බොහෝදුරට සියයට 07 කට ආසන්න අගයක් දක්වා ශිෂ්‍ය ණය පොළිය ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »