ප්‍රධාන ප්‍රතිජීවක ඖෂධයක හිගයක් ගැන TGA වෙතින් අනතුරු ඇගවීමක්

ඔස්ට්‍රේලියාව තුළ වැඩි වශයෙන් භාවිත කරන ප්‍රතිජීවක ඖෂධයක හිගයක් සම්බන්ධයෙන් TGA හෙවත් ඖෂධ පරිපාලන අධිකාරිය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

පෙනිසිලින් V (Penicillin V) ලෙස ජනප්‍රිය මෙම ඖෂධයේ නිෂ්පාදන කටයුතු අඩාල වීම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් නොමැතිවීමයි ඊට හේතුව වන්නේ.

බැක්ටීරියා ආසාධන සඳහා ඔස්ටේ්‍රලියානුවන් අතර ජනප්‍රිය දියරමය ඖෂධයක් ලෙසයි එය සැළකෙන්නේ.

කිසියම් රෝගියෙකු සඳහා මෙම ඖෂධය නිර්දේශ කිරීමේදී වෙනත් සුදුසු ආදේශකයක් ලබාදීමට මේ අනුව ඔසුසැල් හිමියන්ට බලය පැවරී තිබෙනවා.

ලබන සැප්තැම්බර් මාසය දක්වා මෙම ඖෂධ හිගය පවතිනු ඇති බවට පුරෝකථනය කර ඇති නමුත් ඊට පෙර වුවද එම තත්වය අවසන් වනු ඇති බවටද වාර්තා පළවී තිබෙනවා.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »