වසර 05 කට පෙර Coles වෙතින් ක්‍රෙඩිට් කාඩ් ඉල්ලු පිරිසක් අනතුරේ

වසර 05 කට පෙර Coles වෙතින් ක්‍රෙඩිට් කාඩ් අයදුම්කල විශාල පිරිසකගේ පුද්ගලික දත්ත පැහැරගැනීමකට ලක්වී තිබෙනවා.

ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් ආයතනයට එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී මෙම දත්ත අවභාවිත වී ඇති බවටයි අනාවරණය වන්නේ.

2018 වසර දක්වා Coles සුපිරි වෙළඳසැල් ජාලය විසින් ක්‍රෙඩිට් කාඩ් ඇතුලු මුල්‍ය සේවා පවත්වාගෙන ගිය අතර ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් ආයතනය ඔවුන්ගේ සේවා සපයන්නෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

කොපමණ Coles පාරිභෝගිකයන් පිරිසකට මෙමගින් බලපෑම් එල්ලවී ඇතිදැයි මෙතෙක් හෙළිකරගෙන නැහැ.

ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් ආයතනයට එල්ලවූ සයිබර් ප්‍රහාරයේදී දත්ත පැහැරගැනීමට ලක්වූ පාරිභෝගිකයන් ගණන මිලියන 14 කට ආසන්නයි.

Coles ආයතනය නිවේදනය කරන්නේ බලපෑමට ලක්වූ සියලු ගණුදෙනුකරුවන් වෙත ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් ආයතනය විසින් දැනුම් දෙනු ඇති බවයි.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »